රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

ජාතක කතා - දීම හා අත්හැරීම

ක්තරා ගවපල්ලෙක් ගඟකින් එතෙර වීම පිණිස එක් ඉවුරක සිටියා. මේ අවස්ථාවේ අප ශාන්තිනායක තිලෝගුරු බුදුපියාණන් වහන්සේ මේ ග‌ඟෙන් එතෙර වීමට අනිත් ඉවුරට පැමිණි සේක. මේ අතර මහ වැස්සක් ඇද හැලෙන්නට විය.
“කොතරම් වැස්සත් මට කමක් නෑ. කොතරම් පමා වුවත්, ගෙදර බත ඉදෙනවානේ” යනුයෙන් ගඟේ අන් ඉවුර සිටි ගවපල්ලා පැවසී ය. 
අන් ඉවුරේ සිටි බුදුපියාණන් වහන්සේ ඔහුට ඇසෙන්නට පවසනවා “කොතරම් වැස්සත් මට ද කම් නැත. මට ඉදෙන්නට බතක් නැහැ” යනුයෙන්.
නැවත මේ ගව පල්ලා පවසනවා “මට කොතරම් වැස්සත් කමක් නෑ. මගේ ගවයෝ ගව කොටු තුළ ගාල් කර ලා යි මා පැමිණියේ” මට කොයි වෙලේ ගියත් කමක් නෑ කියා.
බුදුපියාණන් වහන්සේ ද පවසනවා “මට කොතරම්වැස්සත් කමක් නෑ. මගේ ගවයෝ නෑ. ඒ නිසා මං කොයි වෙලේ ගියත් මට කමක් නෑ” කියා.
නැවත ගොපල්ලා පවසනවා “මට කොතරම් වැස්සත් කමක් නෑ. මට කොයි වෙලේ ගියත් කමක් නෑ මා සිටුවන ලද බෝගවලින් නෙළා ගන්නා ලද අස්වැන්න අටු කොටු තුළ දම ලා මං ආවේ.” කියා.

බුදුපියාණන් වහන්සේ ද ඔහුට ඇසෙන්නට පවසනවා “මට කොතරම් වැස්සත් කමක් නෑ. මට කොයි වෙලේ ගියත් කමක් නෑ. මං බෝග හිටවලා නෑ. ඒ නිසා නෙළා ගන්නා ලද අස්වැන්නක් නෑ” කියා.
නැවතත් ගොපල්ලා පවසනවා “මට කොතරම් වැස්සත් කමක් නෑ. මට කොයි වෙලේ ගියත් කමක් නෑ. මට දූ දරුවො දීග දෙන වයසේ නෑ. ඒ අයත් දීග දීලා” කියා.

එවිට බුදුපියාණන් වහන්සේ පවසනවා “මගේ විහාරයේ මට දූ දරුවන් නෑ. ඒ නිසා මට කොතරම් වැස්සත්, කොයි වෙලේ ගියත් කමක් නෑ” කියා.
ඊළඟට නැවත ගොපල්ලා පවසනවා “මට යහපත් බිරිඳක් ඉන්නවා. මට ඒ ගැන සැක නෑ. බය නෑ. කොතරම් වැස්සත් මම කොයි වෙලේ ගියත් මගේ බිරිඳ මං එනතුරු ඉන්නවා” කියා.

එවිට බුදුපියාණන් වහන්සේ පවසනවා “මට කොතරම් වැස්සත්, කොයි වෙලේ ගියත් කමක් නෑ. මගේ විහාරයේ මට බිරිඳක් නෑ.” කියා.
ඉන් පසුව බුදු පියාණන් වහන්සේ පවසනවා “ගොපල්ල; ඔබ හට යම් යම් දේවල් ඇතත්, මා හට මෙවැනි දේවල් නැති නිසා මට මේ ලෝකයේ රකින්නට දෙයක් නෑ. උපාදානයන් මා අත්හැරලා තියෙන්නේ. ඒ නිසා මට දුකක් නෑ කියා. මේ සෑම සියලු දේ කොතරම් පරිස්සම් කළ ද මේ සැම මොහොතින් මොහොත නැති වෙනවා. විනාශ වෙනවා. ඒ නිසා ඔබ මේ ආරක්‍ෂා කරන දේවල් කව දා හෝ දවසක විනාශ වෙනවා. එවිට ඔබට දුක ඇති වෙනවා. ශෝක කරනවා. විලාප තබනවා. මා හට ආරක්‍ෂා කරන්නට දෙයක් නැති නිසා මට දුක් ඇති වන්නට, ශෝක කරන්න, විලාප තබන්න වෙන්නේ නෑ.” කියා.
අපි මේ මගේ දේවල් මම නම් පරිස්සම් කර ලා අසවල් බැංකුවේ, අසවල් තැන, අසවල් විධිහට තබා ඇත්තේ; නැතිනම්, මම මේවා හදලා ‌තියෙන්නේ ලෝකයේ ඉස්තරම් ම ද්‍රව්‍ය යොද ලා; මගේ දරුවෝ නම් මෙච්චර දුරට ඉගෙන ගත්තා. දැන් මට ප්‍රශ්නයක් නෑ. මගේ දරුවෝ දැන් සියල්ල රක්‍ෂාවක් කරනවා. මට දැන් ප්‍රශ්නයක් නෑ. මගේ ගෙවල්-දොරවල්, දේපළ මෙච්චර තියෙනවා. මට බය නෑ. කියා සැනසෙත්. නමුත්, මේ කියන ලද එකක් හෝ එකක ඇති දෙයක් හෝ නැති වුවහොත්, මෙය නැති වුණේ කොහොම ද, කියා රැයක් නිදිවරාගෙන කල්පනා කරත්. දුක් වේ. ගත්තු තැනට බැණ වදී. ආරක්‍ෂාවට තබා තිබූ තැනට අයට ඕකා මරන්න ඕනෑ. ඕකගේ අසවල් ආයතන ගිනි තියන්න ඕනැ කියා ද්වේශ සහගත වූ අකුශල් සිතුවිලි ඇති කර ගනිත්. නමුත්, අප ඉතා කෙටි කාලයක් ඉපැදී ජීවත් ව, මිය යාමට පැමිණි බව ද අමතක කරත්. බාහිර දේවල් තබා තමන් කියා අල්ලා ගන්නා ලද මේ හිත බැසගෙන ශරීරය වත් තමන් හට තබා වුවමනා විධිහට තබා ගත නො හැකි ව මේ පොළොව මත ම පඹයකු බිමට දැමූ කලක් මෙන් අතහැර ඉවත් ව යන්නේ ය.

අචිරං වතයං කායෝ - පඨවිං අධිසෙස්සති
ඡුද්ධෝ අපෙත විඤ්ඤාණෝ - නිරත්ථං ව කලිංගරං
අපේ මේ ශරීරය වැඩි කල් නොයාම පහව ගිය සිත් ඇතිව ඉවත දමනු ලබන්නේය 
එවිට වැඩකට නැති දිරා ගිය දර ලීයක් මෙන් මේ මහා පොළවෙහි වැතිරෙන්නේය
Via Wijitha Deshapriya Panagoda



දීම හා අත්හැරීම (දසන්නක ජාතකය)


පෙර බරණැස්‌ නුවර මද්දව නම් රජෙක්‌ සිටියේ ය. දිනක්‌ ඔහු ඉතා වටිනා වස්‌තුවක්‌ පරිත්‍යාග කළේ ය. පසුව ඒ ගැන සිතත් සිතත් ම ඒ ගැන ආශාව ඇති වී ඔහු රෝගාතුර විය. රජු සුවපත් කිරීම පිණිස ඇමතියන්ගේ උපදෙස්‌ පරිදි රජගෙදර මිදුලේ ක්‍රීඩා ප්‍රදර්ශනයක්‌ පවත්වන ලදී.
එහි එක්‌ පුරුෂයෙක්‌ අඩි දෙකහමාරක්‌ පමණ දික්‌ වූ තියුණු මුවහත් කඩුවක්‌ ගිල්ලේය. රජු ඒ දැක පුදුම වී ලෝකයෙහි එයටත් වඩා දුෂ්කර දෙයක්‌ තවත් ඇත්දැයි ඇමතියෙකුගෙන් විචාළේ ය. එවිට ඇමැතිය කියන්නේ,
මහ රජතුමනි මේ පුරුෂයා ඉතා මුවහත් වූ අනුන්ගේ ලේ හලන්නා වූ කඩුව ගිලින්නේ ධන ලෝභයෙනි. යමෙක්‌ තමාට අයත් දෙයක්‌ අනුන්ට දෙමියි කියා පොරොන්දුවේ නම් එය කඩුව ගිලීමට වඩා දුෂ්කර කරුණකි. අන් සියල්ල ඊට වඩා පහසු ය. "දෙමියි" කීම ඒ සියල්ලට වඩා අමාරු වැඩකැයි කීවේ ය.එය අසා,

රජතෙම අන් ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵල ය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි ද ලෝකයේ ඇති අන් සියල්ලම පහසු යයි ද කීවේ ය.
එය අසා රජතුමා මම පොරොන්දු වූ සැටියට ම දී දුෂ්කර දෙයක්‌ කෙළෙමියි සතුටු වී ශෝකය තුනී කර ගෙන ළඟ සිටි මහ බෝසත් වූ සේනක පඩිතුමාගෙන් කලින් කියන ලද කරුණු දෙකට වඩා තවත් දුෂ්කර කරුණු ඇත් දැයි විචාළේ ය. ඊට පිළිතුරු වශයෙන් බෝසත් පඬිතුමා කියන්නේ,
මහ රජතුමනි මනුෂ්‍යයා ස්‌වල්ප වූ හෝ බොහෝ වූ හෝ දාන දෙන්නේ ය. යමෙක්‌ දුන් දේ ගැන පසුව නොතැවේ නම් එය ඒ සියල්ලට වඩා දුෂ්කර කරුණකි. අන් සියල්ලම පහසු කරුණු යෑයි පැවසීය. 
මෙය අසා රජතුමා මම දැන් දුෂ්කර කරුණු දෙකක්‌ සම්පූර්ණ කළෙමි. මා වැන්නකුට දුන් දෙය ගැන ශෝක කිරීම නුසුදුසු ය. ඒ තුන්වන දුෂ්කර කාරණය ද මා විසින් සිදු කළ යුතුය යි සලකා ශෝකය දුරු කර ගත්තේ ය. රජුගේ රෝගය ද සුව විය.
(දසණ්‌ණක ජාතකය)
Related Posts Plugin for WordPress, Blogger...