රජතෙම ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි කීවේ ය.

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

දහම් කතාවෙන් ඔබ්බට...‍‍

‍‍‍‍‍




වර්තමානයේ බොහෝ දෙනෙක්ට බුදුදහමින් කියවෙන ලෝකස්වභාවයේ යථාර්තය හඳුනා ගැනීමට නොහැකිවී ඇත්තේ එම ධර්මතාවයන් ප්‍රායෝගික ජීවිතය සමඟ ගලපා ගැනීමේ නොහැකියාව නිසාය. අතීත ජාතක කතා වලින් කියවෙන එම යථාර්ත ගුණය වත්මන් පොහෝදින කතා වලින් ද ප්‍රකට වේ. එබැවින් ඔබේ ජිවිතයට මෙයින් ගතහැකි ආදර්ශය නොඅඩුව ලබාගන්න.
Related Posts Plugin for WordPress, Blogger...